Tue05212013

Last update01:45:35 AM GMT

sd sd

 
වෙසක් සතිය නිමිත්තෙන් මුද්දර 4 ක්
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.10:31
article thumbnail

එළැඹෙන වෙසක් සතිය සමරා 18 වැනි දා මුද්දර 4 ක් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ආග‍්‍රාමාත්‍ය දිමූ ජයරත්නගේ ප‍්‍රධානත්වයෙන් නිකුත් කරන ලදි.


 
ලෝක සංස්කෘතික විවිධත්ව දිනය සැමරේ
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.11:58
article thumbnail

ලෝක සංස්කෘතික විවිධත්ව දිනය 21 වැනිදාට යෙදී තිබෙන අතර මෙවර ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් 22ක්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවය 21 වැනිදා පැවැත්වෙන බව ජාතික භාෂා හා සමාජ එක්බද්ධතා අමාත්‍යාංශය පවසයි.


එල්එල්ආර්සී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සංගණනයක්
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.11:15
article thumbnail

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ගැටුම් හේතුවෙන් මියගිය, තුවාල ලැබූ පුද්ගලයන් සහ දේපළ හානි සම්බන්ධයෙන් සංගණනයක් පැවැත්වීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අල්ලස් කොමිෂමට
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.10:20
article thumbnail

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අල්ලස් චෝදනා සම්බන්ධව ඉකුත් 20 වැනිදා කොමිෂම වෙත පැමිණ පැය පහක පමණ කාලයක් කට උත්තර ලබාදී තිබේ.


තලංගම බස් රථ අනතුරෙන් මිය ගිය කාන්තාගේ පවුලට නව නිවසක් - විමල්
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.08:35
article thumbnail

තලංගම ප්‍රාදේශීය රෝහල අසලදී බස් රථ අනතුරකින් මිය ගිය  පෝරේ පදිංචි නිසංසලා දේවිගේ පවුලට නව නිවසක් ඉදිකරදීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ තීරණය කරයි.


කාර්යාල කඩයිම් පරීක්ෂණ රැසක් මෙම මස අගදී
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.08:10
article thumbnail

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කාර්යාල සේවක සේවයේ පළමුවන කාරයක්ෂමතා කඩයිම් පරීක්ෂණය එළඹෙන 27 සහ 28 යන දිනයන් හි පැවැත්වේ.


ලෝකයේ ජනගහනයෙන් බිලියන 02කට ජලය ලීටර් 02ක් වත් නෑ -ඩලස්
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.07:45
article thumbnail

ලෝකයේ ජනගහනයෙන් බිලියන 02ක ප්‍රමාණයකට දිනකට ජලය ලීටර්  02ක් වත් භාවිතය සඳහා නොමැති බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.


මැදපෙරදිග කලාපයේ දඬුවමට ලක් වී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 10 ක් - විදේශ රැකියා අමාත්‍යංශය
අඟහරුවාදා, මැයි 21, 2013, පෙ.ව.07:25
article thumbnail

මැදපෙරදිග  කලාපයේ රටවල විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් දඬුවමට ලක් වී සිටින ශ‍්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 10කට ආසන්න බව විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය පවසයි.


උතුරේ හැඳුනුම්පත් නොමැති පුද්ගලයින්ට හැඳුනුම්පත්
සදුදා, මැයි 20, 2013, ප.ව.03:50
article thumbnail

එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත්සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පලාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් පැෆ්රල් සංවිධානය ආරම්භ කර තිබේ.


ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන පෞද්ගලික බස් රථ සඳහා වන දඩ මුදල ඉහළට
සදුදා, මැයි 20, 2013, ප.ව.03:00
article thumbnail

මගීන්ගෙන් මුදල් අයකර ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ සඳහා වන දඩ මුදල රුපියල් 9000 දක්වා ඉහළ දැමීමට දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවරගෙන ඇත.


දේශපාලන හා වෘත්තීය සමිති ගණනාවක් එක් පොදු පදනමකට පැමිණියේ ජනතාව ආරක්‍ෂා කිරීමටයි - විපක්ෂ නායක
සදුදා, මැයි 20, 2013, ප.ව.02:12
article thumbnail

දේශපාලන හා බහුජන සංවිධාන ගණනාවක්, වෘත්තීය සමිති ගණනාවක් එක් පොදු පදනමකට පැමිණ ඇත්තේ ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා බව  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.


21වැනි දා වැඩවර්ජනයට කලාකරුවන්ගේ සහාය - කලාකරුවන්ගේ එකතුව
සදුදා, මැයි 20, 2013, ප.ව.01:30
article thumbnail

විදුලිය ගාස්තු වැඩිකිරීමට එරෙහි වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විවිධ පාර්ශව එක්ව 21 වැනි දා කැඳවා ඇති එක්දින සංකේත වැඩවර්ජනය සඳහා විවිධ කලා ක්‍ෂේත‍්‍ර නියෝජනය කරන කලාකරුවන්ගේ සහාය ලබා දෙන බව කලාකරුවන්ගේ එකතුව පවසයි.


රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් එකමුතුව වැඩ කළ යුතුයි - ඩබ්ලිව්ඩීජේ
සදුදා, මැයි 20, 2013, ප.ව.01:05
article thumbnail

රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයින් එකමුතුව වැඩ කිරීම තුළින් ජනතා ප්‍රශ්න ප්‍රායෝගිකව විසදීමට පහසු වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්ඩීජේ සෙනෙවිරත්න පවසයි.


ඇමති නිමල් සිරිපාලගේ 30 වසරක දේශපාලන දිවියට විශේෂ උපහාර උළෙලක් 20 වැනි දා
සදුදා, මැයි 20, 2013, ප.ව.12:52
article thumbnail

වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ දේශපාලන දිවියට තිස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ උපහාර උළෙලක් හා "මැතිසබයේ රණහඬ නිමල්" නැමති  ග‍්‍රන්ථය එළිදැක්වීම 20 වැනි දා පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්වේ.


ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳාම වර්ධනයට දෙරටම උත්සුක විය යුතුයි - ඉන්දීය මහ කොමසාරිස්
සදුදා, මැයි 20, 2013, ප.ව.12:50
article thumbnail

දෙරටේ ආණ්ඩු, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල, ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් ආදී සියල්ලන් ඉන්දු - ශ්‍රී ලංකා වෙළෙඳාම තවත් වර්ධනය කිරීමට උත්සුක විය යුතු බව ඉන්දීය මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත් පවසයි.


අපොස සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත‍්‍ භාර ගැනීම 20 වැනි දා සිට
සදුදා, මැයි 20, 2013, ප.ව.12:03
article thumbnail

අපොස සාමාන්‍ය පෙළ 2013 විභාගය සඳහා අයදුම්පත‍්‍ භාර ගැනීම 20 වැනි දා සිට ඇරඹෙන බව  විභාග කොමසාරිස් ජනරාල්  ඩබ්ලිව්එම්එන්ජේ පුෂ්පකුමාර පවසයි.


වාර්ෂිකව ඡන්දදායකයන් ලියාපදිංචියට පහත - මැතිවරණ කාර්යාලය
සදුදා, මැයි 20, 2013, පෙ.ව.11:45
article thumbnail

වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචියට ඇතුළත් නොවන බව මැතිවරණ කාර්යාලය පවසයි.


ඉන්ධන රැගත් නෞකාව අතර මග ඇනහිටීම පිළිබඳ පරීක්‌ෂණයක්‌- අනුර යාපා
සදුදා, මැයි 20, 2013, පෙ.ව.11:30
article thumbnail

ශ්‍රී ලංකාවට ආනයනය කළ ඉන්ධන රැගත් නෞකාව මුහුදේ අතර මග ඇනහිට ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් ප්‍රමාද වීම පිළිබඳව ජාත්‍යන්තර මට්‌ටමෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන බවත් ඛනිජ තෙල් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.


.

මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනට නව නේවාසිකාගාරයක්
17/05/2013
article thumbnail

වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනෙහි ඉදි කළ භික්ෂු නේවාසිකාගාරය හා දාන ශාලාව සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ඉකුත් 16 වැනි දා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.


මුත්තෙට්ටුගල - හිරිපිටිය මාර්ගය ප්‍රතිසංස්කරණයට
16/05/2013
article thumbnail

මුත්තෙට්ටුගල, හිරිපිටිය - බී 300 මාර්ගයේ කිලෝමීටර්  0 සිට කිලෝ මීටර් 18.5 දක්වා මාර්ග කොටස පිළිසකර කිරීමට රජය පියවර ගනී.


යාං ඔය අසලට රසායනික පොහොර කම්හලක්
16/05/2013
article thumbnail

අනුරාධපුර යාං ඔය අසබඩ රසායනික පොහොර නිෂ්පාදනාගාරයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.


ඉ - දිරිය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානයක් කෑගල්ලට
15/05/2013
article thumbnail

දිවයිනේ පළාත් මට්ටමින් ස්ථාපිත කෙරෙන සිව්වන ඉ- දිරිය තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථානය 17 වැනි දා සබරගමුව පළාතේ දී විවෘත කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.


රත්නපුර ගංවතුරෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඇමති උපදෙස්
15/05/2013
article thumbnail

රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් අවතැන් වූ පවුල් 270 ක පුද්ගලයින් 2,000 කට අධික පිරිසක් සඳහා සහන සැලසීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්‍ඩීජේ සෙනෙවිරත්න උපදෙස් ලබා දී තිබේ.


තවත් පුවත්

 
21 වැනි දා වැඩවර්ජනය සාර්ථකද ?

21 වැනි දා වැඩවර්ජනය සාර්ථකද ?

විදුලිය ගාස්තු වැඩිකිරීමට එරෙහි වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා විවිධ පාර්ශව එක් ව 21 වැනි දා එක්දින සංකේත වැඩවර්ජනයක් කැඳවා තිබූ අතර රාජ්‍ය ආයතන හා මගී ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි සේවා කටයුතු වල නිතර බව අප වාර්තාකරුවෝ පවසති. 

Read more

ජගත් චෙස් තරගයෙන් ජය ලැබූ පංචාලි දිවයිනට
17/05/2013
article thumbnail

ග්‍රීසියේ පැවති 09 වැනි ලෝක කුසලාන චෙස් තරගාවලියේ දී වයස අවුරුදු 07 න් පහළ ලෝකඩ පදක්කම හිමි කරගත් දිනිති පංචාලි රත්නායක 17 වැනි දා දිවයිනට පැමිණේ.


ඩීඑස් ස්මෑෂස් ජය සංකේත ප්‍රදානය 19 වැනි දා
18/05/2013
article thumbnail

දිවයින පුරා පාසල් 111 ක සහභාගීත්වයෙන් පැවති DS SMASHES-2013 වයස් කාණ්ඩ බැඩ්මින්ටන් ශූරතා තරගාවලියේ පදක්කම් හා සම්මාන ප්‍රදානෝත්සවය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.


ජනපතිගෙන් උගන්ඩා සිසුන්ට ක්‍රිකට් නිල ඇඳුම්
14/05/2013
article thumbnail

ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ උනන්දු වන උගන්ඩාවේ පාසල් තරගයක් නැරඹීමට සහභාගී වූ ජනාධිපතිමහින්ද රාජපක්ෂ 13 වැනි දා එම සිසුන්ට ක්‍රිකට් නිල ඇඳුම් කට්ටල පිරිනමයි.


.

දවසේ විනිමය අනුපාතය 17/05/2013

මුදල් ඒකකයගැනුම් මිල (Rs)විකුණුම් මිල (Rs)
අමෙරිකානු ඩොලරය124.4400127.4900
පවුම 189.2400194.7800
යූරෝ159.2800164.6100
‍ස්විට්සර්ලන්ත ෆ්රෑන්ක්127.8600132.7700
කැනේඩියානු ඩොලරය121.1200125.5200
ඔස්ට්‍රෙලියානු ඩොලරය120.6800125.3400
සිංගප්පූරු ඩොලරය98.7600102.3800
ජපන් යෙන්1.21071.2532

 

ශ්‍රී ලංකන් කාගෝ ආදායම් වාර්තා තබයි
11/05/2013
article thumbnail

ඉකුත් වසරේ ශී‍්‍ර ලංකන් කාගෝ සමාගම ඉතිහාසයේ ප‍්‍රථම වතාවට රුපියල් කෝටි 1280 ක ආදායමක් උපයා ඇති අතර මෙම වසරේ දී මෙහෙය වූ භාණ්ඩ ප‍්‍රමාණය ටොන් ලක්ෂය ඉක්මවන බව ශී‍්‍ර ලංකන් කාගෝ සමාගම පවසයි.


සිලෝන් ඔක්සිජන් සමාගමට නව වායු විසංයෝජන මධ්‍යස්ථානයක්
09/05/2013
article thumbnail

ශී‍්‍ර ලංකාව ආර්ගන් වායුවෙන් සම්පුර්ණයෙන් ස්වයංපෝෂිත කරමින් සීමාසහිත සිලෝන් ඔක්සිජන් සමාගම විසින්  ඉදි කළ නවතම වායු විසංයෝජන මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිල වශයෙන් විවෘත කරයි.


ගම්පහට පරිසර හිතකාමී පලතුරු බීම කම්හලක්
07/05/2013
article thumbnail

ගම්පහ කොටදෙනියාව ප‍්‍රදේශයේ ස්ථාපිත කළ ඩාබ ලංකා පුද්ගලික සමාගමට අයත් පරිසර හිතකාමී පලතුරු බීම කර්මාන්තශාලාවක් පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.


වැල්ලවත්ත ඉන්ෆොමැටික්ස් ආයතනය තොරතුරු තාක්ෂණ තරගයකින් පළමු තැනට
26/04/2013
article thumbnail

වැල්ලවත්ත ඉන්ෆොමැටික්ස් තොරතුරු තාක්ෂණ ආයතනයේ ෆයර්බර්ඩ්ස් කණ්ඩායම මයි ක්‍රෝසොෆ්ට් ඉමැජින් කප් දේශීය තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත් වේ.


සංචාරක කළමනාකරණ ආයතනය මැයි මාසයේ විවෘත කෙරේ
25/04/2013
article thumbnail

මහනුවර කුණ්ඩසාලේ ඉදි කළ නවීන පහසුකමින් සමන්විත ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මැයි මස 15 වැනි දා විවෘත කිරීමට නියමිතයි.


.

khantry design

Horoscope

 

දකුණු කැලිෆොර්නියාවේ ගින්නක්
04/05/2013
article thumbnail

දකුණු කැලිෆෝර්නියාවේ හටගත් ලැව්ගින්නක් ලොස් ඇන්ජලිස්  නුවර හරහා දරුණු සුළඟක් සමග පැතිර යන බව වාර්තා වේ.


චීනයේ කුරුළු උණ පැතිරයාමේ අවදානමක්
02/05/2013
article thumbnail

චීනයේ 123 දෙනෙකුට අධික පිරිසකට H7N9 හෙවත් කුරුළු උණ වෛරසය ආසාදිත වී ඉන් 24 දෙනෙකු මරණයට පත් ව ඇති බව බීබීසී වාර්තා පෙන්වා දේ. 


පාකිස්ථාන හමුදාපතිවරයා කලකිරීමෙන්
01/05/2013
article thumbnail

පාකිස්ථාන හමුදාපති අෂ්රෆ් කයානි හිටපු හමුදාපති මුෂාරෆ් රටින් පිටුවහල් ව යළි එරට පැමිණීමෙන් අනතුරුව ලබන සැලකිල්ල පිළිබඳ කණස්සල්ලෙන් පසුවෙතැයි රොයිටර් වාර්තා පෙන්වා දේ.


ලිබියාවේ මෝටර්රථ බෝම්බ පිපිරීමක්
24/04/2013
article thumbnail

ලිබියාවේ ප්‍රංශ තානාපති කාර්යාලය අසල මෝටර් රථ බෝම්බයක් පුපුරා යාමෙන් දැඩි හානි සිදු වී  ඇතැයි ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි.


විකිලීක් වෙතින් තවත් සැඟවුණු රහස් තොරතුරු
17/04/2013
article thumbnail

විකිලීක් වෙබ් අඩවිය 70 දශකය දක්වා වූ අමෙරිකානු රහස් තොරතුරු සහිත තවත් මිලියන  1 .7 ට අධික අමෙරිකානු බුද්ධි තොරතුරු හා රාජ්‍යතාන්ත්‍රික තොරතුරු රැසක් අනාවරණ කරයි.


අමෙරිකාවේ දැවැන්ත බෝම්බ පිපිරීමක්
16/04/2013
article thumbnail

තරගකරුවන් 23,000 ක් සහභාගි වූ අමෙරිකාවේ වාර්ෂික බොස්ටන් මැරතන් තරගාවලිය අවසානයේ 15 වැනි දා සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් තිදෙනෙකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබති.


.

අමරණීය සුසුමේ ආදරණීය සුසුවඳ
17/05/2013
article thumbnail

උපන්බිම වැදූ මව හා සමාන ය . මවකට සිය ලේ කිරි කර පෙවූ දරුවන් වෙනුවෙන් උණු වන හදක් ඇත්තී මව්බිම ද ඒ සමාදරයෙන් ම සියලු දරුවන්ට භේදයකින් තොර ව එක සේ ආදර කරුණාව පාන්නී ය. ඒ නිසාවෙන් ම මාතෘභූමිය වෙනුවෙන් පණනල පිදීමට එක සේ ගත-සිත කැප කිරීමට උපන් වීර සුජාත ලක් දුවා දරුවන් පිළිබඳ ඕනෑතරම් තොරතුරු අප සිත් හි ජනිත වේ.ශ්‍රී ලංකාව ඉන්දියාවේ මුතු ඇටයයි. පෙරදිග වාසීන්ගේ අභිමානනීය,සුරූපී ළාබාල සොයුරිය වූ ඇය බටහිර ජාතීන්ගේ නිබඳ ආකර්ෂණයට ලක් වූවා ය. එහෙයින් වරින් වර නොයෙකුත් ආක්‍රමණ එල්ල වුව ද ඒ සියල්ල පරාජය කරමින් සිය කිතුගොස පැවතියාටත් වැඩියෙන් රැක ගනිමින් තම ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ තව තවත් ප්‍රදර්ශනය කිරීමට ඊට හැකි විය.


පේරාදෙණියේ වෙළෙඳසැලක ගින්නක්
18/05/2013
article thumbnail

පේරාදෙණිය නගරයේ පිහිටි  සිල්ලර බඩු වෙළඳසැළක විදුලි කාන්දුවක් හේතුවෙන් 18 වැනිදා පෙරවරුවේ ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.


පිලිමතලාවේදී මෝටර් රථයක් බස් රථයක ගැටීමෙන් දෙදෙනෙකු මරුට
18/05/2013
article thumbnail

කොළඹ - මහනුවර මාර්ගයේ පිලිමතලාව තේ කාර්මාන්ත ශලාව අසළදි මෝටර් රථයක් නවතා තිබූ බස් රථයක පිටුපස ගැටිමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනෙකු මිග ගොස් ඇතැයි පොලීසිය පවසයි.


අනවසර දේශීය සංක්‍රමණිකයින් පිරිසක් මුන්නේස්වරමේ දී අත්අඩංගුවට
17/05/2013
article thumbnail

නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට යෑමේ අරමුණින් හලාවත මුන්නේස්වරම් ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනේ.


තලංගම කොස්වත්තේ බසයක් පෙරළී දෙදෙනෙකු මරුට
17/05/2013
article thumbnail

තලංගම, කොස්වත්ත රෝහල ඉදිරිපිට පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් බස් නැවතුම්පොලේ සිටි කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි.


වැල්ලව අනවසරයෙන් ගස් කැපූ අයෙකු අත්අඩංගුවට
16/05/2013
article thumbnail

වැල්ලව ප‍්‍රදේශයේ ඇති වාඩියාවත්ත නමින් හැඳින්වෙන අක්කර 47 ක පමණ ඉඩමක වූ ලක්ෂ 05 ක් පමණ වටිනා පොල් ගස් 03 ක් සහ තේක්ක ගස් 12 ක් අනවසරයෙන් කපා සොරකම් කිරීම හේතුවෙන් පුද්ගලයෙකු වැල්ලව පොලීසියේ අත්අඩංගුවට පත් වේ.


.

කොටස් වෙළදපොළ ඉහළට
07/10/2012
article thumbnail

කොළඹ කොටස් වෙළදපොළ 05වැනිදා ඉහළ යාමක් වාර්තා කළ අතර සමස්ත මිල දර්ශකය ඒකක 18.34කින් ඉහළ ගොස් ඒකක 5879.69ක් ලෙස සටහන් විය.


තවත් පුවත්

අන්තර් ජාතික කොටස් වෙළඳපල