Thu05232013

Last update10:48:37 PM GMT

sd sd

මීගමුවට සුපිරි තරු තුනේ හෝටලයක්

  • පී.ඩී.එෆ් (PDF)

altඅමාගි ලැගූන් රිසෝට් හා ස්පා සංචාරක හෝටලය පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විවෘත විණි.

 
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට හා මීගමුව කලපුවට නුදුරින් අක්කර දෙකක භූමි භාගයක පිහිටා ඇති තරු තුනේ මෙම සුපිරි හෝටලය සුපිරි කාමර 22 කින්, ඉහළ පෙළේ අවන්හල් දෙකකින්, පිහිනුම් තටාකයකින්, උත්සව ශාලා පහසුකම්වලින් සහ ව්‍යායාම් ශාලාවකින් සමන්විත වේ.
 
දේශීය හා විදේශීය සංචාරකයින්ට මෙහි නවාතැන් පහසුකම් ලබා ගත හැකි අතර ව්‍යාපාරික අවස්ථා නිර්මාණයට අමතර මෙමගින් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වන බව ද කළමනාකාරීත්වය පවසයි.
 
Share/Save/Bookmark