
ඊ - ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතියේ අතිරේක මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අමෙරිකානු ඩොලර් මිලියන 11ක ණය ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවසූවේ පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
තොරතුරු හා සන්නිවේදන සේවා භාවිත කිරීමේ ප්‍රවේශකත්වය වැඩිදියුණු කිරීම, අන්තර්ජාල මගින් සපයනු ලබන පහසුකම් ඔස්සේ පොදු සේවා මහජනතාවට හා ව්‍යාපාරික ප්‍රජාවට ලබා ගැනීමට ප්‍රවේශකත්වය ඇති කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා දැනුම පදනම් කරගත් කර්මාන්ත ඇතුළු පෞද්ගලික අංශයේ තරගකාරීත්වය දිරිගැන්වීමෙන් ආර්ථික වර්ධනය හා අයිතිය තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.