Sun05192013

Last update09:45:48 PM GMT

sd sd

ආයෝජන මණ්ඩල ප්‍රධානියා වාසියට කටයුතු කරනවා - සේවකයෝ

  • පී.ඩී.එෆ් (PDF)
altශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයාගේ මුඛ්‍ය පරමාර්ථය විදේශ ආයෝජකයින් මගින් වාසි ලබා ගැනීම බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවකයෝ පවසති.
 
නිවේදනයක් නිකුත් කරමින් සේවක පිරිස සඳහන් කළේ වර්තමාන විධායක අධ්‍යක්ෂවරයා වන ෂිවාන් ඩී සිල්වා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදේශකවරයා ද වන අතර ආයතනයේ සියළු කටයුතු මෙහෙයවනු ලබන්නේ ද තමන්ට අවශ්‍ය පරිදි බවයි.
 
ඔහු ඔකායා නමැති ජපන් කර්මාන්තශාලාවේ සාමාන්‍යාධිකාරීවරයා ඉන් ඉවත් කර ජපන් ජාතිකයින් පස් දෙනෙකු එයට අනුයුක්ත කර මෙරටට පැමිණීමට අවශ්‍ය බලපත්‍ර ලබාදීමට රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගෙන ඇති බව ද වාර්තා වේ.
 
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ද සඳහන් කළේ අදාල මුදල් ලබා ගැනීම සම්බන්ධව ජපන් ජාතිකයින් පස් දෙනා පැමිණිලි කර ඇති බවයි.
Share/Save/Bookmark