Tue05212013

Last update05:31:10 AM GMT

sd sd

ආර්ථිකයේ විදේශීය පාර්ශ්වය ශක්තිමත් කිරීමට පියවර - මහ බැංකුව

  • පී.ඩී.එෆ් (PDF)
alt2012 පෙබරවාරි 3 වැනි දා සිට දේශීය ආර්ථිකයෙහි විදේශීය අංශය ශක්තිමත් කිරීමට සහ බැංකු ණය  ලබාදීමේ ශීඝ්‍ර වර්ධනය සීමා කිරීම සඳහා ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
 
3 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් ඉහළ නැංවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළ ගොස් ණය වර්ධනය වීම අවම වීම තුළින් ආනයන ඉල්ලුම අඩුවීම අපේක්ෂා කළ බවත් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
 
එමෙන් ම වාණිජ බැංකු මගින් පිරිනමන ණය ප්‍රමාණය සඵලදායී ලෙස අඩු කිරීමෙන් 2011 වසරේ ණය වර්ධනය සියයට 34ක් ලෙස ඉහළ යෑමට සාපේක්ෂ ව 2012 වසරේ දී සියයට 18කට (විදේශයන්ගෙන් අරමුදල් රැසකිරීම සියයට 5ක් නම් 23%කට) සීමා කිරීම සඳහා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත විධාන නිකුත් කර ඇතැයි මහ බැංකුව පවසයි.
Share/Save/Bookmark