Wed06192013

Last update08:20:37 PM GMT

sd sd

උත්සව සමයේදී ලංගම ඉතිහාසයේ ඉහළම ආදායම ලබයි

  • පී.ඩී.එෆ් (PDF)

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවා හේතුවෙන් දෛනික ආදායම රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. මෙය ලංගම ඉතිහාසයේ ලබා ඇති ඉහළම ආදායම බව එහි සභාපති එම්.ඩී බන්දුසේන මහතා සඳහන් කළේය.

ලංග‍මයේ සාමාන්‍ය සමස්ත දෛනික ආදායම රුපියල් හාර කෝටි දස ලක්ෂයක් පමණ වේ.

ඒ සඳහා ඩිපෝ 103කින් බස් රථ 4600ක් පමණ ධාවනයට එක් කර තිබේ.

මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවාව අද දිනයේ ද ක්‍රියාත්මක වේ.

Share/Save/Bookmark