
රුහුණු මාගම්පුර වරායේ දෙවැනි අදියරේ ප්‍රගතිය සොයා බැලීමේ සහ හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ ඉදිකිරිම් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මහින්ද රාජපක්ෂ 23 වැනි දා පස්වරුවේ නිරත වෙයි. මෙහි භාණ්ඩ බහාලුම් පර්යන්තය මෙන් ම ඉන්ධන බහාලුම් පර්යන්තය ද ආයෝජකයින් සඳහා ඉදි කර ඇති අතර ආනයනික වාහන ගාල් කිරීම සඳහා ඉදි කෙරෙන අංගනය ද ජනපති නිරීක්ෂණයට ලක් ව තිබේ.
මෙම දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 808 ක් වැය වන බව ඇස්තමේන්තු කර ඇත.
වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, චීන තානාපති යැං ස්යුපික්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියාත් බන්දුවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ වී කේ ඉන්දික යන අය ද මෙම අවස්ථාවට සහභාගී වූ හ.