තායි රජයේ රාජකීය අමුත්තෙකු වශයෙන් සිව් දින සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ 29 වැනි දා අළුයම තායිලන්තයේ බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ළඟා විය.ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගුවන්තොටුපොලේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ තායිලන්ත නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය යොංයුත් විෂයිඩිත් ඇතුළු පිරිස විසිනි.
එම අවස්ථාවට ශී‍්‍ර ලංකාවේ තායිලන්ත තානාපති පොන්දේ වොරචට් සහ තායිලන්තයේ ශී‍්‍ර ලංකා තානාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සමග තානාපති කාර්යාල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටිය හ.
2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් බැංකොක් නුවර ලබන 31 වැනි දා පැවැත්වෙන සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීමට ජනාධිපතිවරයාට ඇරයුම් ලැබී තිබේ.
ජුනි මස 02 වැනිදා ට යෙදෙන බුද්ධ ජයන්ති උත්සවයේ දී බුද්ධ ජයන්තියෙන් මිනිස් වර්ගයාට සිදු වූ සෙත මැයෙන් ජනාධිපතිවරයා දේශනයක් ද පවත්වනු ඇත.
