Sun05192013

Last update09:28:00 PM GMT

sd sd

බලශක්ති සංරක්ෂණයේ වැදගත්කම

  • පී.ඩී.එෆ් (PDF)

alt

බලශක්ති සංරක්ෂණය යනු කාලීන අවශ්‍යතාවක් වන අතර මේ පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා හෙට වෙනුවෙන් අද විදුලිය සුරැකීමේ ජාතික සත්කාරය නමින් පුළුල් වැඩසටහන් මාලාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි.
 
එහි එක් පියවරක් වශයෙන් 06 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් විය.
 
ඒ අනුව 06 වැනිදා ප්‍රධාන නගර 33 ක් කේන්ද්‍ර කර ගනිමින් මධහ්න 12.00 සිට පස්වරු 1.00 දක්වා කෑම පැයේ දී මහජනතාව දැනුවත් කිරීම සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ 2000 කට ආසන්න සේවක සේවිකාවන් පිරිසක් සහභාගී වූහ.
 
එම වැඩසටහන් මාලාවේ ම තවත් සුවිශේෂී අංගයක් වශයෙන් නගරාශ්‍රිත මහජනතාව දැනුවත් කිරීම පිණිස ලංකා විදුලි පුද්ගලික සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු කළේ ය.
 
ගෝලීය බලශක්ති අර්බුදයට එකම විකල්පය වන්නේ බලශක්ති ක්ෂේත්‍රය තුළ ද බලශක්ති පරිභෝජනය තුළ ද සකසුරුවම ඇතිකර ගැනීම යැයි මෙම අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා පැවසී ය.
 
alt
 
alt
 
alt
 
alt
 
Share/Save/Bookmark