
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉතාලියේ රෝම නුවර ආහාර හා කෘෂිකර්ම මූලස්ථානයේ පැවති 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වෙසක් උත්සව සැමරුම් උත්සවයට 07වැනි දා සහභාගී විය. ජනාධිපතිවරයා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද හමු වූ බව වාර්තා වේ.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස්, නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා හා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද සහභාගී වූ හ.