Sun05262013

Last update09:15:37 PM GMT

sd sd

ලෝකයේ දීර්ඝතම සිසු පෙරහර උත්කර්ෂවත් ව

  • පී.ඩී.එෆ් (PDF)

alt

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංවිධාන කළ ලෝකයේ දීර්ඝතම ඇසළ මහා සිසු පෙරහර 03 වැනි දා අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ඇසළ මහා සිසු පෙරහර මංගල්‍යයට දිවයින පුරා පාසල් 302ක පාසල් සිසු දරු දැරියන් 12,500කට අධික පිරිසක් එක් ව සිටිය හ.
 
උඩරට,පහතරට හා සබරගමු ඇතුළු සියලු නැටුම් අංගයන්ගෙන් ද අලි ඇතුන්ගෙන් ද සමන්විත වූ අලංකාර පෙරහර සිංහල,දමිළ,මුස්ලිම් හා බර්ගර් සියලු පාසල් දරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
 
සිසු පෙරහර කොළඹ මහානාම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වී ලිබර්ටි වටරවුම, ගාලුපාර ඔස්සේ පැමිණ නවම් මාවත ඔස්සේ ගමන් කර ගංගාරාම විහාරස්ථානයට පැමිණි අතර අරලියගහ මන්දිරය අබියසින් ගමන් කරද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එය නරඹන ලදී.
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
alt
 
Share/Save/Bookmark