Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

රණවිරු පුණ්‍යානුමෝදනාවේ තවත් පියවරක්

  • පී.ඩී.එෆ් (PDF)

alt

බස්නාහිර පළාත් කෘෂිකර්ම, කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශය සහ කරුණා සමාධි පදනම දෙවැනි වරටත් සංවිධාන කළ රණවිරු පුණ්‍යානුමෝදනා 2012 වැඩසටහන 16 වැනි දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
මහරගම නගර සභාව ඉදිරිපිට පැවැත් වූ මෙම වැඩසටහන රණවිරු පුණ්‍යානුමෝදනා, විරු දරු ශිෂ්‍යත්ව ප්‍රදානය, සාංඝික දානමය පිංකමක් හා මංඤ්ඤාක්කා දන්සැලකින් සමන්විත විය.
 
රටට දැයට කළ මෙහෙය අගයමින් ආරක්ෂක ලේකම්වරයාට බස්නාහිර පළාත් කෘෂිකර්ම, කර්මාන්ත සහ පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
 
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඇතුළු මැති ඇමතිවරු ද, ත්‍රිවිධ හමුදා හා පොලීසියේ නිලධාරී න්ද සහභාගී වූ හ.  
 
alt
 
alt
 
alt
 
alt
Share/Save/Bookmark