
මුගුරකින් පහරකෑමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා අක්මීමන, කැටන්දොළ, ගොනාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අක්මීමන පොලිසිය පවසයි. පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පැවති පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
| ← වෛද්‍ය නිර්දේශ නොමැතිව ඖෂධ අලෙවි කළොත් ලක්ෂ 3 ක් දඩ-වසරක සිරදඬුවම් | උත්සව සමයේදී ලංගම ඉතිහාසයේ ඉහළම ආදායම ලබයි → |
|---|



