ශ‍්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය යුද හමුදා වොලිබෝල් කණ්ඩායම සහභාගි වන දෙවැනි සහ අවසාන තරගය ශ‍්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමග අපේ‍්‍රල් මස 28 වැනි දා කහවත්ත මහජන ක‍්‍රීඩාංගනයේ දී පැවැත් වේ.
සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී කංචන ජයරත්නගේ මෙහෙයවීමෙන් රත්නපුර දිස්ත‍්‍රික් වොලිබෝල් සංගමය සංවිධාන කරන මෙම වොලිබෝල් තරගය තාක්ෂණ හා පර්යේෂණ ඇමතිනී නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චිගේ සහ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය
අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකරගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වනු ඇත.
සංචාරක ඉන්දීය වොලිබෝල් කණ්ඩායම සහභාගි වන තරග දෙකින් එකක් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට පළාත්සභා මන්ත‍්‍රී කංචන ජයරත්න කටයුතු කර තිබේ.