Wed05222013

Last update01:18:11 AM GMT

sd sd

ඊජිප්තුවේ ප්‍රථම නිදහස් ජනාධිපතිවරණය 23 වැනි දා

  • පී.ඩී.එෆ් (PDF)

altඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් නෙරපා හැර මාස 15 කින්  අනතුරුව එරට පැවැත්වෙන ප්‍රථම නිදහස් ජනාධිපතිවරණය 23 වැනි දා පැවැත් වේ.

ඊජිප්තු වැසියන් මිලියන 50 ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති අතර ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
සාධාරණ මැතිවරණයක් සහ සිවිල් පාලනයක් සඳහා පොරොන්දු වෙමින් 2011 පෙබරවාරි මාසයේ එරට හමුදාව විසින් ඊජිප්තුවේ ජනාධිපති බලය අත්පත් කර ගන්නා ලදී.
වෙනසක් අපේක්ෂිත ඊජිප්තු වැසියන්ට මෙය සැබවින් ම ශ්‍රේෂ්ඨ ‍මොහොතක් බව එරට ජනතාව පවසති.
 
Share/Save/Bookmark