Tue05212013

Last update09:32:07 PM GMT

sd sd

වරායේ සිට කොලොන්නාවට ඉන්ධන නල මාර්ග දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)

altකොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා අඟල් 18ක විෂ්කම්භයෙන් යුත් නව ඉන්ධන නල මාර්ග 2ක් ඉදි කිරීමට නියමිත බව  ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

 
අනවසර පදිංචිකරුවන් තාවකාලික නිවාසවල පදිංචි කරවීමෙන් අනතුරුව නව නල පද්ධතිය එලීමේ කටයුතු කඩිනමින් ආරමිභ කිරීමට නියමිත ය.
 
මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 30ක් පමණ වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති අතර නල මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැය වන මුදල් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හා වෙනත් ණය පහසුකමක් යටතේ ලබා ගැනේ.
 
අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමෙන් අනතුරුව එම භූමියේ නැවත අනවසර පුද්ගලයින් පදිංචි වීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් යෙදීමට ද ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පියවර ගෙන ඇත. 
 
Share/Save/Bookmark