Sat05252013

Last update01:14:24 AM GMT

sd sd

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටස් දෙකක් දෙදිනකට වැසේ

  • පී.ඩී.එෆ් (PDF)

altදකුණු කළුතර සහ අළුත්ගම අතර දුම්රිය ධාවනය 19 වැනි දා හා 20 වැනි දා තාවකාලික ව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී එල්ඒආර් රත්නායක පවසයි.

 
දකුණු කළුතර සහ අළුත්ගම අතර දුම්රිය මාර්ග කොටසේ පාලම් දෙකක සංවර්ධන කටයුතු හේතුවෙන් එම කොටස වසා තැබෙන බව ඔහු ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය. 
 
මෙම කාලසීමාව තුළ මරදාන - දකුණු කළුතර අතර සහ අළුත්ගම - මාතර අතර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
Share/Save/Bookmark