ශ‍්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළෙඳපොල වෙත අපනයනය කිරීමට අවස්ථාව සලසා ගැනීමටත් චීන සංචාරකයින් වැඩි වශයෙන් ලංකාවට ගෙන්වා ගැනීමත් කෙරෙහි ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමු වේ.
ශ‍්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කෙරෙන ඇතැම් භාණ්ඩ සඳහා දැනට චීන රජයෙන් අය කරන ඉහළ තීරුබදු අඩුකර ගැනීම සඳහා ජනාධිපතිවරයා කරුණු ඉදිරිපත් කළ බවත් සිය රට බලා පිටත් ව ගිය පසු අදාල බලධාරීන් සමග සාකච්ඡා කර ඒ සඳහා අදාල පියවර කඩිනමින් ගන්නා බවටත් චීනයේ දේශපාලන මණ්ඩල ජ්‍යෙෂ්ඨ සාමාජික වැන්ග් ලීක්වාන් අවධාරණය කළේ ය.
චීනයත් ශ‍්‍රී ලංකාවත් අතර පවතින වෙළෙඳ පරතරය අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමටත් චීන සංචාරකයින් ලංකාවට එවීමට මෙන් ම චීන ආයෝජකයින් මෙරටට යොමු කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.