Thu05232013

Last update09:33:14 PM GMT

sd sd

මෙරට ප්‍රථම සමුද්‍ර ගුවන්තොටුපල දැදුගම

  • පී.ඩී.එෆ් (PDF)

altශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර ගුවන්තොටුපොල ඉදි කිරීමේ කටයුතු 21 වැනි දා ජා-ඇල දැදුගම දී ආරම්භ වේ.

 
මෙම ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් කටයුතු බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ලබයි.
 
ගුවන් පථ තුනක්, මගී පර්යන්තයක්, සංචාරක බස් රථ විශාල ප්‍රමාණයක් ගාල් කිරීමේ පහසුකම් සහිත රථවාහන නැවතුම්පොලක්, කොන්ක්‍රීට් කළ මාර්ග සහ මගී විවේකාගාරයක් මෙහි ඉදි කෙරෙනු ඇත.
 
මෙම සමුද්‍ර ගුවන්තොටුපොල ශ්‍රී ලංකා ගුවන් ටැක්සිවලට හා පෞද්ගලික අංශයේ ගුවන් ටැක්සිවලට ද විවෘත වේ.
Share/Save/Bookmark