ශ්‍රී ලංකාවේ පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය සහාය දැක්වීමට කැමැත්ත පළ කළ බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උදය ශ්‍රී කාරියවසම් පවසයි.
සභාපතිවරයා මේ බව පැවසූවේ 22වැනිදා සම්භාණ්ඩ හා පාවහන් නිපැයුම්කරුවන් වෙනුවෙන් පැවැති වැඩමුළුවට සහභාගි වෙමිනි.
මේ වන විට පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයේ 20,000ක් පමණ වු පිරිසක් නිෂ්පාදන කටයුතු සිදු කරන බවත් ඒ සම්බන්ධයෙන් වූ කර්මාන්ත 1248ක් පමණ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාව ඇගළුම් වැනි ක්ෂේත්‍රයෙන් උපරිමයට පැමිණ ඇති බවත් පාවහන් හා සම්භාණ්ඩ ක්ෂේත්‍රයෙන් ද එවැනි උපරිමයක් දක්වා ගමන් කිරීමට අවස්ථාව ඇති බවත් ඒ සඳහා ගුණාත්මක තත්ත්වය, තාක්ෂණය, මෝස්තර, ඇසුරුම් කිරීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු විය යුතු බවත් සභාපතිවරයා වසීය.
මෙම වැඩමුළුව පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදනකරුවන් මුහුණ දෙන්නා වූ ගැටළු සොයා බැලීම වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ මුල්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කර තිබිණි.