Sat05252013

Last update09:51:14 PM GMT

sd sd

අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙල 27 දා

  • පී.ඩී.එෆ් (PDF)
altඅධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරයේ සමාරම්භක උළෙල 27 වැනිදා පෙ.ව 10.00 ට කොළඹ 07, නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
 
අධිරාජ්‍යවිරෝධී ජනතා ව්‍යාපාරය නිර්මාණය කිරීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, ජාතික භික්ෂු පෙරමුණ, සමස්ත ලංකා වතු කම්කරු සංගමය , විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානය, අන්තර් සමාගම් සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්ය සන්ධානය, අයිතීන් උදෙසා කාන්තාවෝ, ජනතා විමුක්ති පෙරමුණ, සහෝදරත්වයේ ජනතා පවුර, කුඩා තේවතු හිමියන්ගේ ජාතික සම්මේලනය, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය, මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය සහ නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය දායක වි ඇත.
 
වර්තමානයේ දී ආර්ථික, දේශපාලන, යුදමය සහ සංස්කෘතික ක්ෂේත්‍ර සඳහා අධිරාජ්‍යවාදී මැදිහත්වීම් සිදු කෙරෙන අතර එම අභියෝගවලට මුහුණදීම සඳහා බහුජන සංවිධාන, බුද්ධිමතුන්, කලාකරුවන් හා වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල බහුජන එකතුවකින් මෙම සංවිධානය ගොඩනගා ඇත. 
Share/Save/Bookmark