Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

වෘත්තීය ඉල්ලීම් ඉටු කිරීමට සීමාවක් තියෙනවා - ජනපති

  • පී.ඩී.එෆ් (PDF)

altවෘත්තීය සමිති නායකයෙකු වශයෙන් කටයුතු කළ තමා එම ඉල්ලීම් ඉටු කිරීමට ඉතා කැමැත්තෙන් පසු වන නමුත් එම ඉල්ලීම් ලබා දීමේ යම් සීමාවක් පවතින බවත් ඒ බව වෘත්තීය සමිති නායකයින් අවබෝධ කරගත යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

 
ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ 2011 වාර්ෂික වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.
 
ආර්ථීක කළමනාකරණය සේ ම ජීවිත කළමනාකරණය ද අවශ්‍ය බවත් ආර්ථික සැලසුම් සකසන විට විශේෂයෙන් තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම්, දැනුම පිළිබඳ මෙන් ම නවීන තාක්ෂණය පිළිබඳත් අවධානය යොමු කිරීම අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දේ. 
 
කෘෂි කර්මාන්තය පිළිබඳ විශේෂ අවධානයක් යොමු නොකළ තත්ත්වයක තම රජය මෙරට කෘෂිකර්මාන්තයේ සංවර්ධනය උදෙසා යොමු කළ විශේෂ අවධානය හේතුවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය වලින් ස්වයංපෝෂිත වීමට මෙරටට හැකි වූ බව ද ජනාධිපතිවරයා පැවසී ය.
 
Share/Save/Bookmark