Fri05242013

Last update04:30:23 AM GMT

sd sd

ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ - ලක්‍ෂ්මන් යාපා

  • පී.ඩී.එෆ් (PDF)

altදේශපාලන හේතූන් මත මෙරට තුළ සිරකරුවන් රඳවාගෙන නොමැති බවත් සිටිනුයේ ත්‍රස්තවාදී චෝදනා එල්ල වූවන් පමණක් බවත් වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

 
අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
 
යුදමය කාල වකවානුවේ සහ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ සමයේ දී අත්අඩංගුවට ගත් රැඳැවියන් වන බවත් ඒ අනුව පුද්ගලයින් 359 දෙනෙකුට අධිචෝදනා පත්‍ර බාර දී තවත් පුද්ගලයින් 309දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. 
 
නීතිපති දෙපාර්තමේන්තුව ඔස්සේ මොවුන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කඩිනම් කිරීමට රජය මේ වනවිට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පවසයි.    
 
Share/Save/Bookmark