
මිල්කෝ ආයතනය යටතේ වන කිරි සැකසුම් කර්මාන්තශාලා නවීකරණය කර සැකසුම් ධාරිතාව කිරි ලීටර් 400,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිත බව මුදල් හා ක්රම සම්පාදන අමාත්යාංශය පවසයි.
වර්තමාන සැකසුම් ධාරිතාව දිනකට කිරි ලීටර් 180,000 ක් පමණ වේ.
මේ අතර දේශීය දියර කිරි මන්දපෝෂණය බහුල ව පවතින ප්රදේශවල ප්රචලිත කිරීම හා වෙනත් කිරි ආශ්රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම තුළින් දේශීය කිරි නිෂ්පාදන අලෙවි කිරීමේ ඉඩ ප්රස්ථා සැලසෙන බව අමාත්යාංශය පෙන්වා දෙයි.
විදේශීය කිරිපිටි ආනයනය හේතුවෙන් දේශීය කිරි මිල දී ගැනීමට පාරිභෝගිකයින් උනන්දු නොවන බව නිරීක්ෂකයෝ පවසති.