
දක්ෂිණ අධිවේගී මාර්ගය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සෘජුවම බලපා ඇති බව වෝල්ස්ට්‍රීට් සගරාව පවසා ඇති බව තානාපති ආරංචිමාර්ග සඳහන් කරයි.
ආසියාවේ මීළඟ සුවිශේෂී නවාතැන්පොළ යනුවෙන් නම්කොට ඇති අදාල ලිපියේ දක්වා ඇත්තේ සංචාරකයින් වඩාත් ප්‍රියකරන දකුණු පළාතේ වෙරළබඩ ප්‍ර දේශ කරා පහසුවෙන් ගමන් කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය ඉවහල් වන බවයි.
එමෙන්ම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණෙන සංචාරකයින්ට පහසුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතාකල හැකි බව ද අදාල පුවත් පතේ සඳහන් කර ඇති බව තානාපති ආරංචිමාර්ග පෙන්වා දෙයි.