Thu05232013

Last update10:12:35 PM GMT

sd sd

තිසරපුර රණවිරු ගම්මානය ජනතා අයිතියට

  • පී.ඩී.එෆ් (PDF)

altපුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල තිසරපුර ජන සෙවණ විරු ගම්මානය ජනතා අයිතියට පත්කිරීම 02 වැනි දා ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජන සෙවණ නිවාස දස ලක්ෂයේ නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ මෙම නිවාස ගම්මානය ඉදි කර ඇත.
 
2009 වසරේ ඇති වූ මුහුදු ඛාදනයෙන් නාත්තණ්ඩිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ මූදුකටුව වෙරළාසන්නයේ ඉදි කර තිබූ නිවාස රැසක් විනාශයට ලක් වූ අතර එම පවුල් වෙනුවෙන් මෙම තිසරපුර ජනසෙවණ විරු ගම්මානය ඉදි කර තිබේ.
 
මෙහි ඇති නිවාස සංඛ්‍යාව 29කි. පර්චස් 7 බැගින් මෙම පවුල්වලට ඉඩම් ලබා දී ඇත්තේ නාත්තණ්ඩිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගිනි.
 
Share/Save/Bookmark