Wed06192013

Last update09:05:36 PM GMT

sd sd

වැවිලි සංස්ථාව ලත් පාඩුව පහළට - දයාශ්‍රිත

  • පී.ඩී.එෆ් (PDF)
altමේ වනවිට රුපියල් මිලියන සියයක් වූ වැවිලි සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 25ක් දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබී ඇති බව රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා පවසයි.  
අතීතයේ සිදු වූ වැරදීම් හේතුවෙන් එසේ පාඩු ලබන බවත් තම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ තුළ එකී පාඩු අවම කර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසී ය.
2009 වසරේ රුපියල් මිලියන තුනක් වූ ජනතා තේ අලෙවියෙන් ලබන ලාභය මේ වනවිට රුපියල් මිලියන 5ක් ඉක්මවා ඇත.
රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව හරහා ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය ඉතා සාර්ථක ව සිදු කෙරෙන අතර රජයේ වතු සමාගම් මීට පෙර පරිද්දෙන් සශ්‍රික කිරීමේ අරමුණින් එම සමාගම් හි වූ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර ඒ වෙනුවට අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති පංච පුද්ගල කමිටුවක් මඟින් මේ වනවිට එම වතු පාලන කටයුතු සිදු කෙරේ.
එම නව පාලනය යටතේ වතු වගාවන්ට පොහොර යෙදීම සඳහා රුපියල් මිලියන 40ක් වෙන් කර ඇත.
 
Share/Save/Bookmark