මුහුදු ගවේෂකයෙකු හා විසිතුරු මසුන් අපනයනය කරන්නෙකු වන අතුල පතිරණ අවුරුදු 30ක් එක් රැස් කළ මුහුදු පුරාවස්තු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීම ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරියගේ මුලිකත්වයෙන් සිදු කෙරේ.
අතුල පතිරණ මුහුදු ගවේෂණයේ දී සොයා ගන්නා පෘතුගීසි හා ඉංග්‍රීසී යුගවලට අයත් මෙම භාණ්ඩ අතරට කාලතුවක්කු 04, සෙරමික් භාණ්ඩ, විශාල තඹ ජාගර, බුජම් ද ගල් කැටයම් හා කුඩා කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද මෙම එකතුවට අයත්වේ.
නිදන් හොරු පුරාවස්තු කොල්ලකා විනාශ සමයේ කාලයේ අතුල පතිරණගේ මෙම පරිත්‍යාගය විශාල ආදර්ශයක් බවත් ලංකාවේ සමුද්‍ර පුරාවිද්‍යාව මීට වඩා දියුණු මට්ටමක විය යුතු අතර සමුද්‍ර පුරාවිද්‍යා ප්‍රඥප්තියට ලංකාව ද ඇතුලුත් කිරීමට තීරණ ගන්නා බවත් අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය පැවසීය.
ත්‍රිකුණාමලයේ ඉදිකරන සමුද්‍ර පුරාවස්තු කෞතුකාගාරයේ මෙම මුහුදු පුරාවස්තු තැන්පත් කිරීමට කටයුතු කෙරේ.