පසුගිය සමයේ අක‍්‍රියාශීලී ව කටයුතු කළ තල් සංවර්ධන මණ්ඩලය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා වවුනියාව පුලියන්කුලමේ රුපියල් මිලියන 1.5 ක වියදමින් තල් සංවර්ධන මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
විවෘත කෙරෙන නව කාර්යාලය හා ගොවිපොල තුළින් ප‍්‍රදේශයටත් වවුනියාව දිස්ත‍්‍රික්කයේ තල් වගාකරුවන්ටත් විශාල සේවාවක් ඉටු වන බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය.
තල් වගාව ආශ‍්‍රිත භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය පිණිස මෙම කාර්යාලයෙන් සහාය ලබා ගත හැකි බවත් ඉදිරියේ දී තමන් ප‍්‍රදේශයේ ජනතාවගේ සෙසු ගැටළු විසඳීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
| ← තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ක්‍රීඩකයින් දැනුවත් කෙරේ | විදෙස් සමාගම් පහළොවක් දේපල පැවරීමේ බද්දෙන් නිදහස් → |
|---|




