ආරක්ෂක හමුදා සාමාජිකයින් ඉලක්ක කර නායකත්ව හා කුසලතා සංවර්ධන වැඩසටහනක් 06 වැනි දා ආරම්භ කළ බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ආරක්ෂක මාණ්ඩලික නිලධාරී කාර්යාලය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් නිලධාරීන් හා සෙසු නිලයන් 40 ක්, ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 25 දෙනෙක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 දෙනෙක් හා ශ්‍රී ලංකා පොලිසියේ 15 දෙනෙක් මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිත අතර කීර්තිමත් අධ්‍යාපනවේදිනියක වන ආචාර්ය ශිවානි සිවකුමාර් විසින් මෙහි දේශන සිදු කරනු ලබයි.