මෙරට සතු රන් මෙට්‍රික් ටොන් 39.66 ක් අලෙවි කර අමෙරිකානු ඩොලර් මිලියන 1966 ක් උපයා එම මුදල විදෙස් ව්‍යවහාර මුදල් වත්කම් ලෙස ලාංකීය අන්තර්ජාතික සංචිතයන් හි රඳවා ඇතැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 වසරේ දී එම රන් ප්‍රමාණය අලෙවි කර තිබේ.
සිය සංචිත කළමනාකරණ මෙහෙයුම් හි කොටසක් ලෙස මහ බැංකුව විසින් ජාත්‍යන්තර වෙළෙඳපොලේ රන් මිලට ගෙන අලෙවි කිරීම සාමාන්‍ය තත්ත්වයකි.
පසුගිය වසරේ රන් මිල ඉහළ යාම හේතුවෙන් මෙසේ අලෙවි කළ බවත් මේ වනවිට මෙරට සතු ව අමෙරිකානු ඩොලර් මිලියන 523 ක වටිනාකමින් යුත් රන් මෙට්‍රික් ටොන් 9.98 ක් වන බවත් 08 වැනි දා පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ වාචික පිළිතුරු අපේක්ෂිත පැනයකට පිළිතුරු දෙමින් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා පැවසී ය.