Sat05252013

Last update09:51:14 PM GMT

sd sd

පාසල් පද්ධතියෙන් සාරධර්ම සපිරි අනාගත පරපුරක් - අධ්‍යාපන ඇමති

  • පී.ඩී.එෆ් (PDF)
alt2700 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ දී සාරධර්මයෙන් සපිරි දරු පරපුරක් පාසල් පද්ධතිය ඔස්සේ බිහි කිරීම පිණිස වැඩසටහන් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. 
 
අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ පැවති 2600 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම්  සමාප්ති උළෙලට සහභාගි වෙමිනි. 
 
විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය තුළ සාරධර්ම සඳහා ඉඩක් නොලැබෙන අවදියක යහපත් සමාජයක් බිහි කරලීම උදෙසා අනාගත පරම්පරාවට සංස්කෘතිය පවරා දීමට අවශ්‍ය භොතික හා මානව සම්පත ලබා දුන් බව අමාත්‍යවරයා පැවසී ය.  
 
ඒ උදෙසා සෞන්දර්යය ගුරුවරුන් 3184 දෙනෙක් බඳවා ගැනීමට කටයුතු කළ බවත් මෙවර ද ඇසළ මහා සිසු පෙරහර ජනවර්ග භේදයකින් තොර ව පාසල් දරුවන් 15,000 කගේ සහභාගීත්වයෙන් ඇසළ පුන් පොහෝ දින කොළඹ මහානාම විද්‍යාලයෙන් ආරම්භ කර හුණූපිටිය ගංගාරාම විහාරස්ථානය කරා පැමිණීමට නියමිත බවත් හෙතෙම සඳහන් කරයි. 
 
ගුණනැණ සපිරි විශ්වයට සම්පතක් වන අනාගත මානව සම්පතක් නිර්මාණය කිරීමේ හැරවුමක්  නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා සාර්ධර්මවලින් පිරි යහපත් සමාජයක් බිහිකිරීම අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. 
Share/Save/Bookmark