Fri05242013

Last update09:33:14 PM GMT

sd sd

පරිසරය සුරැකීමට යෞවනයින් දැනුවත් කිරීම වැදගත් - පරිසර ඇමති

  • පී.ඩී.එෆ් (PDF)
altපරිසරය සුරැකීමේ වැදගත්කම පිළිබඳ තරුණ ප්‍රජාව දැනුවත් කිරීම වැදගත් බවත් මෙරට ශිෂ්‍ය පරපුර මෙන් ම තරුණ  පරපුර මේ සඳහා දායකකර ගැනීමට බලාපොරොත්තු වන බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.
 
අමාත්‍යවරයා මේ බව පැවසූවේ 12වැනිදා Rio+20 සමුළුවට පූර්වගාමීව පරිසර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රියෝ එකමුතුව සංවිධානය කළ ශිෂ්‍ය හා තරුණ තිරසර සංවර්ධන සමුළුවට සහභාගි වෙමිනි. 
 
පරිසරය සුරැකීම පිළිබඳ ඔවුන් සතු ව තිබෙන නව සංකල්ප ඉතා වැදගත් බවත් සීමිත සම්පත් කළමනාකරණය කරමින් ලෝකයේ සම්පත් භාවිතය සියලු දෙනාටම සාධාරණ ලෙස සිදුකෙරෙන ආකාරයේ වැඩපිළිවෙළක් ඇතිකිරීමට උපරිම දායකත්වයක් දැක්වීම සඳහා මිහිකත සමුළුවට සහභාගිවීම අරමුණ බවත් අමාත්‍යවරයා පැවසී ය.
 
මහින්ද චින්තනය ප්‍රතිපත්තිය මඟින් රටේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් සෑම සංවර්ධන ව්‍යාපෘතියක ම ප්‍රධාන අංගයක් ලෙස පරිසර කළමනාකරණය ද ඇතුළත් වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Share/Save/Bookmark