වැලිසර පිහිටි ළය රෝහල ශ්වසන රෝග සඳහා වන ජාතික ආයතනය වශයෙන් නම් කොට අධ්යක්ෂවරයෙකු යටතේ පවත්වාගෙන යන විමධ්යගත පරිපාලන ඒකකයක් එහි ස්ථාපිත කිරීමට අමාත්ය මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.පවත්නා පරිපාලන සැකැස්ම යටතේ රෝහලෙහි දෛනික ප්රමාද නැති කිරිමට හා අවම කිරීමට මෙන් ම අනවශ්ය බාධා වැළැක්වීම පිණිස ද මෙම රෝහල නාරාහේන්පිට පිහිටි ක්ෂය රෝග මර්දනය හා ළය රෝග පිළිබඳ ජාතික ආයතනයෙන් වෙන් වූ ශ්වසන රෝග සඳහා වන ජාතික ආයතනයක් ලෙස ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට තීරණය කළ බව ජනමාධ්ය හා ප්රවෘත්ති අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අමාත්යවරයා මේ බව පැවසූවේ 14 වැනි දා ජනමාධ්ය හා ප්රවෘත්ති අමාත්යාංශ ශ්රවණාගාරයේ පැවති අමාත්ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේ දී ය.
| ← රාජ්ය ආයතනයන් හි ඩෙංගු මර්දන ඒකක පිහිටුවනවා - සෞඛ්ය අමාත්යාංශය | දැව භාණ්ඩ ප්රවාහනයේදී අදාල නීති සංශෝධනය කෙරේ → |
|---|




