ශ්රී ලංකාවේ භුමිහායනය අවම කිරීම සඳහා ජාතික වැඩසටහනක් සකස් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්යාංශයේ ස්වභාවික සම්පත් කළමනාකරණ අංශය පවසයි.එම වැඩසටහන ක්රියාවට නැංවීමේ අරමුණින් ශ්රී ලංකාවේ තිරසර භූමි කළමනාකරණය සඳහා වූ ඒකාබද්ධ මුල්ය උපාය මාර්ගය පිළියෙළ කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
ශ්රී ලංකාවේ භූමිහායනය අවම කිරීමට අදාල ප්රතිපත්තිමය තීරණ පරිසර, කෘෂිකර්ම මෙන් ම ඉඩම් වැනි අමාත්යාංශ මට්ටමින් ගනු ලබන අතර ශ්රී ලංකාව තුළ භූමිය නිසරුවීමේ අභියෝගය හා එය අවම කිරීම සඳහා ගනු ලබන ප්රතිපත්තිමය තීරණ ක්රියාත්මක කිරීම අමාත්යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතන මඟින් සිදු කෙරේ.
ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය ආශ්රිත ප්රදේශයන් හි විවිධ ස්වාභාවික මෙන් ම මානව ක්රියාකාරකම් හේතුවෙන් සිදුවන පස සෝදා යාමෙන් ඇති වන භූමිහායනය කැපී පෙනෙන ප්රධාන පරිසර ගැටලුවක් වී ඇතැයි පරිසර අමාත්යාංශය පවසයි.
| ← කාන්තාකරණය වැළැක්වීමේ ජාතික උළෙල වලපනේ දී | යහපත් දරුවෙකු නිර්මාණයට සෞන්දර්යය අධ්යාපනය අත්යවශ්යයි - අධ්යාපන ඇමති → |
|---|




