Mon05202013

Last update09:35:43 PM GMT

sd sd

කාන්තාකරණය වැළැක්වීමේ ජාතික උළෙල වලපනේ දී

  • පී.ඩී.එෆ් (PDF)
altජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දින ජාතික උත්සවය වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පන්නල මහ විද්‍යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි.
 
එක්සත් ජාතීන්ගේ ''කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය'' ජූනි 17 වැනිදාට යෙදී ඇති අතර මෙදිනට සමගාමී ව ජාතික උත්සවය පැවැත්වෙනු ඇත.
 
මෙවර ජගත් කාන්තාරකරණය වැළැක්වීමේ දින තේමාව වී ඇත්තේ ''සරු පස ඔබේ ජීවය සුරකී, භූමිහායනය උදාසීන කරමු'' යන්නයි. 
පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ මඟ පෙන්වීම යටතේ එම ප්‍රදේශයේ භූමිහායනය අධික ලෙස දක්නට ලැබෙන ඉඩම්වලින් සමන්විත භූමි ප්‍රදේශයක් පුනරුත්ථාපනය කෙරෙන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ද නියමිත ය.
 
මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය මෙන් ම වලපනේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ද පූර්ණ සහාය ලබා ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
 
1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාරකරණය වැළැක්වීමේ හා නියඟයේ ආදීනව පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය සම්මත කරගැනීමෙන් අනතුරුව මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි. 
 
ශ්‍රී ලංකාව 1998 දී මෙම සම්මුතියේ පාර්ශවකරුවෙකු බවට පත් විය.
Share/Save/Bookmark