Thu06202013

Last update01:05:04 AM GMT

sd sd

කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය 20 වැනි දා සිට

  • පී.ඩී.එෆ් (PDF)

altශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කළ මිත්‍රත්ව ගිවිසුම් ප්‍රකාර පූජනීය කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේ  අගෝස්තු 20 වැනි දා සිට සැප්තැම්බර් 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කෙරේ.

 
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය එක් ව මෙම කටයුතු රාජ්‍ය ගෞරව සහිත ව ඉතා උසස් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
 
ඒ අනුව කැළණියේ මානෙල්වත්ත විහාරයේ අගෝස්තු 20 - 22 දක්වාත් වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේ අගෝස්තු23 - 24 දක්වාත්,අනුරාධපුර ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ අගෝස්තු 25, 26 දෙදිනත් ,කන්තලේ අග්‍රබෝධි විහාරයේ 27, 28 දෙදිනයන් හිත්,ගම්පොළ සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ අගෝස්තු 29 සහ 30  දිනවලත්,පැල්මඩුල්ල රජමහා විහාරයේ අගෝස්තු31 වැනි දා සහ සැප්තැම්බර් පළමුවැනි දාත්,මාතර  කොටිකාගොඩ රජමහා විහාරයේ  සැප්තැම්බර් 02 - 04 දිනවලත් සර්වඥ ධාතූ ප්‍රදර්ශනය පැවැත් වේ.
 
2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවට පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍යතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබා දී ඇත.
 
මීට පෙර 1978 අප්‍රේල් 22 දින සිට මාස 2ක් පුරා කපිලවස්තු ධාතු ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පවත්වා ඇත.
Share/Save/Bookmark