Wed05222013

Last update10:12:35 PM GMT

sd sd

ජාතික ඩෙංගු මර්දන මාසයක්

  • පී.ඩී.එෆ් (PDF)

altජාතික ඩෙංගු මර්දන මාසයක් ප්‍රකාශයට පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 
ඒ අනුව මේ මස 25 වැනි දා සිට ජූලි 25 වැනි දා දක්වා එම ඩෙංගු මර්දන මාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. 
 
මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය තදින් ම ක්‍රියාත්මක කරන බවත් සියලු රාජ්‍ය ආයතන අධීක්ෂණය කරන බවත් අමාත්‍යාංශය පවසයි.
 
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් රෝගීන් වැඩි රෝහල් සඳහා විශේෂිත වාට්ටු වෙන් කරන ලෙස එමගින් උපදෙස් දී ඇත.
 
ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවල දී ඩෙංගු මර්දන මාසය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
 
Share/Save/Bookmark