
හෝමාගම හා පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය අතර නව බස් රථ සේවාවක් 18 වැනි දා සිට ආරම්භ කළ බව හෝමාගම ඩිපෝ කළමනාකරු බැසිල් ගමගේ ඒෂියන් මිරර් වෙබ් අඩවියට පවසයි.
පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ උසස් පෙල පංති ආරම්භ කිරීමේ අවස්ථාවට සමගාමී ව මෙම සේවාව ක්‍රියාත්මක වේ.
ඒ අනුව පෙරවරු 6.45 ට හා 7.00ට හෝමාගම නගරයෙන් ද, නැවත පස්වරු 3.45ට හා 4.00 ට විද්‍යාලයේ සිට හෝමාගම නගරයට ද මෙම බස් රථ සේවාව ක්‍රියාත්මකයි.
අදාල මාර්ගයේ දැනට බස් රථ දෙකක් ධාවනය කෙරෙන බවත් පෙරවරුවේ හෝමාගම නගරයෙන් ගමන් අරඹන බස් රථ විද්‍යාලය අසලින් නැවත කොළඹ දක්වා ධාවනය වන බවත් හෙතෙම සඳහන් කළේ ය.