කටුවන දී ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තැබීම පිළිබඳ සැකකරුවෙකු වූ ජුලම්පිටියේ අමරේ හෙවත් ගීගන ගමගේ අමරසිරිට එරෙහි වරෙන්තු 05ක් පිළිබඳ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
වලස්මුල්ල අධිකරණය විසින් 2005 වර්ෂයේ දී ත්‍රිරෝද රථයකට ගිනි තබා රුපියල් 110,000 ක අලාභයක් සිදු කිරීම,1998 වර්ෂයේ වීරකැටියේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම,1997 දී වීරකැටියේ දී ම ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට වෙර දැරීම හා අවි පෙන්වමින් බිය ගන්වා අවුරුදු 16 ක දරුවෙකු පැහැර ගැනීමට තැත් කිරීම යන චෝදනාවන්ට ඔහු වෙත වරෙන්තු නිකුත් කර ඇත.
එසේ ම 2002 වර්ෂයේ දී බන්ධනාගාර නිලධාරීන්ට පහර දී සිර කර තබා එහි අවි ගබඩාව බිඳ අවි හා පතරොම් කොල්ල කෑම හා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණය විසින් ද ඔහුට වරෙන්තු නිකුත් කර ඇත.