Wed06192013

Last update10:00:53 PM GMT

sd sd

අධිකරණ නියෝගය සිසු අසාධාරණතා අවම කරන්නයි - ‍ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කුලතුංග

  • පී.ඩී.එෆ් (PDF)
altඉසෙඩ් ස්කෝර් මට්ටම සිසුන්ට සිදුවිය හැකි අසාධාරණ තත්ත්ව අවම වන පරිද්දෙන් සකස් කිරීමට වග බලා ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව එම කමිටු සාමාජික කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් කුලතුංග කියයි.
 
පැරණි හා නව නිර්දේශ සඳහා උසස් පෙල දිස්ත්‍රික් කුසලතාව හෙවත් ඉසෙඩ් ස්කෝර් අගය ලබා දුන් අතර ඒ සඳහා ක්‍රමවේද දෙකක් යොදා ගත් බව හෙතෙම පෙන්වා දේ.
 
සිසු හැකියා මට්ටම හා විභාගයේ අපහසුතා මට්ටම් එහි දී සැලකිල්ලට ගනිමින් පූල් මීන් නමැති ක්‍රමවේදය ද යොදාගත් බව හෙතෙම සඳහන් කරයි.
 
සිසුන්ගේ දත්ත සලකා බලා විභාගයට ඔවුන් පිළිතුරු සපයන අන්දම හඳුනාගත් බැවින් සිසුන්ට සිදු වන අසාධාරණතා අවම කිරීමට තමන් උත්සාහ දැරූ බව ද 26 වැනි දා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අනාවරණ කළේ ය.
Share/Save/Bookmark