Wed05222013

Last update09:15:57 PM GMT

sd sd

අතිරේක මහාමාර්ග පුනරුත්ථාපනයට පියවර

  • පී.ඩී.එෆ් (PDF)

altවරාය හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ  කළ යෝජනාවක් අනුව දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තවත් අතිරේක මහාමාර්ග  පුනරුත්ථාපනයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.

 
ඒ අනුව අතිරේක මහාමාර්ග පුනරුත්ථාපනය යටතේ මාර්ග කිලෝ මීටර් 328.77 ක් සංවර්ධනය කිරීමට නියමිතයි. 
 
දේශීය බැංකු වෙතින් මුදල් ලබාගෙන දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක වියදමින් මාර්ග කි.මී.662.04 ක් ‍පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.
 
පුනරුත්ථාපනය සඳහා හඳුනාගත් මාර්ග කි.මී. 328.77 ට ගාල්ල - දෙනියාය - මාදම්පේ මාර්ගය, අම්බලන්ගොඩ - පිටිගල - ඇල්පිටිය මාර්ගය - කටුගස්තො‍ට - බඹරැල්ල මාර්ගය, නාරම්මල - දංකොටුව මාර්ගය, මාතලේ - වත්තේගම මාර්ගය, පොලොන්නරුව - හිඟුරක්ගොඩ ඇතුළු  ඒ සහ බී කාණ්ඩයට අයත් ජාතික මහාමාර්ග 14 ක් ඇතුළත් ය.
 
Share/Save/Bookmark