Wed06192013

Last update04:25:15 AM GMT

sd sd

ඉහළ කොත්මලේ විදුලිය ජාතික පද්ධතියට

  • පී.ඩී.එෆ් (PDF)

altඉහළ කොත්මලේ ජල විදුලි බලාගාර ව්‍යාපෘතියේ සමස්ත ජනන ධාරිතාව වන මෙගාවොට් 150 ක ධාරිතාව 30 වැනි දා සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

 
මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 75 බැගින් වූ ජනන බලාගාර දෙකකින් සමන්විත වන අතර පළමු අදියර යටතේ එහි එක් බලාගාරයක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම පසුගිය මාර්තු 28 වැනි දා සිදු කෙරිණි.
 
දෙවැනි අදියර යටතේ මෙගාවොට් 75 ක ජනන ධාරිතාවක් 30 වැනි දා පෙරවරුවේ 9.00 ට යෙදුනු සුබ මෙහොතින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
 
ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය සඳහා ජපන් රජයේ විදේශ සංවර්ධන සහන යටතේ ජපන් සහයෝගිතා බැංකුව මගින් 2005 වර්ෂයේදී ජපාන යෙන් මිලියන 37,817 ක සහනදායී ණය මුදලක් පිරිනමා ඇති අතර ලංකා විදුලිබල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය සඳහා
රුපියල් මිලියන 8548 ක මුදලක් වැය කර ඇත.
 
විදුලිබල මණ්ඩලයේ අධීක්ෂණය යටතේ මෙහෙයවන මෙම ව්‍යාපෘතියේ සියලු වැඩ නිමවා ජාතියට තිළිණ කිරීම ලබන ජූලි මස දෙවැනි සතියේ දී  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ  ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
Share/Save/Bookmark