
නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ දැරූ පුද්ගලයින් 05 දෙනෙකු කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ ලැගුම් ගෙන සිටිය දී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වෙයි.
උඩප්පුව ප්‍රදේශයේ ජාවාරම්කරුවෙකු විසින් විදෙස්ගත කිරීම සඳහා සුදුසු මොහොත එළඹෙන තෙක් ඔවුන්ට විශ්‍රාම ශාලාවේ රැඳී සිටින මෙන් උපදෙස් දී ඇත.
අත්අඩංගුවට පත් සියල්ලෝ ද්‍රවිඩ ජාතිකයින් වන අතර උඩප්පුව,වව්නියාව,මුලතිවු හා මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
අදාල ප්‍රධාන ජාවාරම්කරු අත්ඩංගුවට ගැනීම පිණිස විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා විමර්ශන ක්‍රියාත්මකයි.