ගණිතය, විද්‍යාව, ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්‍ෂණය යන විෂයයන් සඳහා සුදුසුකම් සහිත ස්වේච්ඡා ගුරුවරුන් වහාම කොන්ත‍්‍රාත් පදනම යටතේ පාසල් වෙත අන්තර්ග‍්‍රහණය කරන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
සෙසු ගුරුවරුන් සඳහා පත්වීම් ලබාදීමට අවශ්‍ය කටයුතු හැකි ඉක්මණින් සම්පාදනය කරන බව යාපනයේ නල්ලූර් හි පිහිටි පළාත් අධ්‍යාපන සංස්කෘතික හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍යාංශ කාර්යාල පරිශ‍්‍රයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ය.
ගණිතය, ඉංග‍්‍රීසි, විද්‍යාව හා තොරතුරු තාක්‍ෂණය යන විෂයයන් සඳහා කොන්ත‍්‍රාත් පදනම යටතේ බඳවා ගන්නා ගුරුවරුන්ට රුපියල් 10,000 ක වැටුපක් ගෙවන බවත් කැබිනට් තීරණය ලැබීමෙන් අනතුරුව ඔවුන්ට ද ස්ථීර පත්වීම් ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කරයි.
පසුගිය කාලයේ දිවයින පුරා ස්වේච්ඡා ගුරුවරුන්ට පත්වීම් ලබා දුන් නමුත් වර්තමානයේ තත්ත්වය එසේ නොවන බවත් යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ප‍්‍රදේශවලට මෙම විශේෂිත තත්ත්වය යටතේ පත්වීම් ලබා දීමට රජය කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.