දැඩි සුළං තත්ත්වය හා අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක ප්‍රදේශ කිහිපයකට හානි සිදු වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මඩලකපුව,නුවරඑළිය,ගම්පහ,කුරුණෑගල,මාතලේ,ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්වලට සිදු ව ඇති එම බලපෑම් අතර පුද්ගල,නිවාස හා දේපල හානි වේ.
වැඩි ම හානි වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එහි පවුල් 173 ක 799 දෙනෙකු අධික සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ව සිටිති. නිවාස 18 ක් මුළුමනින් ම හා 262 ක් අර්ධ වශයෙන් විනාශ වී තිබේ.
නුවරඑළියේ අඹගමුව,කොත්මලේ සහ නුවරඑළිය ප්‍රදේශවල පවුල් 17 ක පුද්ගලයින් 69 දෙනෙකු අවතැන් වී ඇති අතර නිවාස දෙකක් සම්පූර්ණයෙන් හා 15 ක් අර්ධ වශයෙන් හානියට පත් ව ඇත.
කුරුණෑගල පවුල් 34 ක 119 දෙනෙකු ආපදාවට පත් ව සිටිති. නිවාස 34 කට අර්ධ හානි සිදු වී තිබේ.