බාල වයස්කාරියක් දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අකුරැස්ස ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා 04 වැනි දා අළුයම 01.00 ට පමණ මාතර ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනී.ඉකුත් මැයි මාසයේ 23 - 30 අතර දිනයක දී තමාට අයත් අකුරැස්ස ප්‍රදේශයේ තාවකාලික ලැගුම් හලක දී 14 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
සාරුව ලියනගේ සුනිල් නමැති 48 හැවිරිදි සභාපතිවරයා එදින ම මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
| ← ජනසෙවණ මෙහෙයුමට ඉරානයේ සහාය | අධික සුළඟින් ප්රදේශ රැසකට හානි → |
|---|




