Thu06202013

Last update03:43:14 AM GMT

sd sd

අච්චුවේලි හි කර්මාන්ත ඇරඹීමට අමෙරිකානු ආධාර

  • පී.ඩී.එෆ් (PDF)

altඅමෙරිකාවේ USAID සංවිධානයෙන් ලබා දෙන රුපියල් මිලියන 50ක ආධාර මුදල් අච්චුවේලි හි කර්මාන්ත ආරම්භ කරන කර්මාන්ත හිමියන්ට ලබා දෙන බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.   

සිය අමාත්‍යාංශය හරහා එම ආධාර මුදල් ලබා දෙන බව යාපනයේ අච්චුවේලි කාර්මික ජනපදයේ ඉදිකිරීම් පිළිබඳ සමාලෝචනය සඳහා යාපනය දිසාපති කාර්යාලයේ පසුගිය දා පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පැවසී ය. 
අච්චුවේලි කර්මාන්තපුරය ඇරඹීම සඳහා එම ඉඩම් සම්පූර්ණයෙන් ම පිරිසිදු කොට බිම් බෝම්බ ඉවත් කර ඇති බවත් ජලය, විදුලිය, මංමාවත් ඇතුළු යටිතල පහසුකම් සියල්ල UNOPS සංවිධානය විසින් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
කර්මාන්තකරුවන්ට අවශ්‍ය බැංකු ණය සහ ආධාර මුදල් ලබා දීමට බැංකු සහ USAID සංවිධානය සූදානමින් සිටින බවත් උතුරේ දැවැන්තම සංවර්ධන ක‍්‍රියාදාමයක් ලෙස සලකා අච්චුවේලි කර්මාන්ත හිමියන් ඉතා සැළකිල්ලෙන් සිය ආයෝජන යෙදවිය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.
 

 

Share/Save/Bookmark