Thu05232013

Last update01:35:55 AM GMT

sd sd

පුද්ගල අනන්‍යතා මහ ලේකම් කාර්යාලය බත්තරමුල්ලට

  • පී.ඩී.එෆ් (PDF)

altආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කරවීමේ දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් 'පුද්ගල අනන්‍යතා මහලේකම් කාර්යාලය' නමින් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 05 වැනි දා බත්තරමුල්ලේ දී මුල් ගල් තැබේ.

 
වර්ග අඩි 700,000 ක විශාලත්වයෙන් යුත් මෙම නව ගොඩනැගිල්ල අති නවීන පහසුකම්වලින් යුක්ත වන අතර මහල් හතක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙනුවෙන් ද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙනුවන් මහල් පහක් ද, රාජ්‍ය ආරක්ෂක සහ
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් මහල් පහක් ද වෙන් කොට ඇත.
 
මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ එක වහලක් යට ඉතා කෙටි කාලයකින් මහජනතාවට සේවා රැසක් ඉටු කර දීමයි. මෙම ගොඩනැගිල්ල තුළ පහසුකම් සහිත මහල් හතරකින් යුත් රථ ගාලක්, තැපැල් කාර්යාලයක්, බැංකු, ආපන ශාලා හා වෙනත් පොදු පහසුකම් රැසක් ද ස්ථාපිත කිරීමට නියමිත ය.
 
රුපියල් බිලියන 7.55 ක් වන මෙම ගොඩනැගිල්ල නිර්මාණය වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය පහසුකම් සපයනු ලබන්නේ හැටන් නැෂනල් බැංකුව ප්‍රමුඛ බැංකු සමූහයක් විසිනි. නිර්මාණ කාර්යයේ දී ඉදිකිරීම් වෙනුවෙන් දායකත්වය දක්වන්නේ අයිසීසී සහ ඩීජී 51 (ICC- DG 51) සමාගමයි.
 
කතානායක චමල් රාජපක්ෂ විසින් 05 වැනි දා ඒ සඳහා මුල්ගල තබන ලදී.
Share/Save/Bookmark