Mon05202013

Last update09:28:00 PM GMT

sd sd

විෂයය භාර ඇමතිවරුන් සභාගැබේ සිටීම පාර්ලිමේන්තුවට ගෞරවයක් - කතානායක

  • පී.ඩී.එෆ් (PDF)

altපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා විෂයය භාර ඇමතිවරුන් සභාවේ සිටින්නේ නම් එය පාර්ලිමේන්තුවට කෙරෙන ගෞරවයක් බව කතානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ඉකුත් 04 වැනි දා පැවසී ය.

 
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසා තිබූ ප්‍රශ්න පහලොවෙන් දහයකට පිළිතුරු ලබා දී ඉතිරිය සඳහා ආණ්ඩු පක්ෂය විසින් කල් ඉල්ලා සිටීම හේතුවෙන් කතානායකවරයා මේ බව පැවසී ය.
 
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා විෂයය භාර ඇමතිවරුන් සභා ගැබෙහි නොසිටීම පිළිබඳ විපක්ෂයේ සංවිධායක ජෝන් අමරතුංග මෙහි දී කරුණු ඉදිරිපත් කර තිබේ.
Share/Save/Bookmark